Tuesday, May 16, 2023

බේකර්ස් බෙන්ඩ්


නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව  "බේකර්ස් බෙන්ඩ්"



 ඔන්න අද තවත් ලස්සනම තැනක් ගැනයි කියන්න යන්නෙ.හැබැයි ඔබේ ආරක්ශාව ගැන ඔබ සැලකිලිමත්විය යුතුය .

බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගයේ ගමන් කරන විට නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ්  දැක ගත හැකි වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම දර්ශනීය ස්ථානයේ සිට පැහැදිලි දිනයක සමනල ජලාශය ඇතුළු මනරම් දර්ශන රාශියක් දැක බලා ගත හැකිය.නමුත් වර්ෂා කාලයේදී මෙම ස්ථානය මීදුමින් වැසී පවතී. මම ස්ථානයේ උෂ්ණත්වය ද ඉතා අඩු අගයක පවතී.

නන්පේරියල් ප්‍රදේශය හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.මෙම ප්‍රදේශය වෙනස් වන දේශගුණයකින් යුක්ත වේ.තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ඉතාමත් අලංකාර වේ.එම අලංකාර බව මෙම මාර්ගයේ ඇති කුඩා දිය ඇලි වලින් තවත් වැඩි වේ.

බේකර්ස් බෙන්ඩ් සදහා මෙම නම ලැබී ඇති ආකාරය පිළිබඳ කට කතාවක් ඇත.එනම්  කුඩා එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය නගරයේ මැවුම්කරු වන  සැමුවෙල් බේකර් මෙම ස්ථානයේ දී ඔහුගේ අශ්ව කරත්තය අනතුරට ලක්ව මිය ගොස් ඇත.එම නිසා මෙම ස්ථානයට බේකර්ගේ බැම්ම( බේකර්ස් බෙන්ඩ් ) ලෙස හදුන්වනු ලැබේ.

Life With Manju Facebook page Click Here

 හෝර්ටන් තැන්න පිළිබඳ තොරතුරු බැලීමට පළමු පිටුවට යෑමට පහත බටනය ඔබන්න
                                                                      ⏪️

No comments:

Post a Comment