Thursday, June 1, 2023

දික්කන්ද වලව්වේ අභිරහස

 



ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් බව වාර්තා වෙයි.දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන් වන අතර දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද පැවසේ. ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි


ඉතින් මේ දික්කන්ද වලව්ව ගැන විවිද අය විවිද කතා කියනවා. අද අපි ඔයාලා වෙනුවෙන් කියන්න යන්නේ මේ හැමෝම කතාවෙන දික්කන්ද වලව්ව ගැන පුද්ගලයන් දෙදෙනෙක් කියපු හිතාගන්න බැරි කතා දෙකක් ගැන. එම පළමු කතාව පහතින්මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝමීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 ක පමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ.


මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විශාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැලුවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්.තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.


ඉතින් මේ කතාවට ගොඩක් පරස් පර කතාවක් තමයි කියන්නනේ අනිත් පුද්ගලයා 

ඔය වලව්ව බලන්න කාටවත්ම යන්න දෙන්නේ නැ තාම. අයිතිකාරයා ලංකාවේ කෙනෙක්. දැන් අවුරුදු 2කට විතර කලින් මුකුත් නොදැන ඕකට ඇතුල් උනු කොල්ලෝ දෙන්නෙක්ට එකේ අයිතිකාරයා හෝ මුරකරකාරයා වෙඩි තියල තිබ්බ. එකෙක්ට කකුලට වෙඩි වැදිලා තිබ්බ.ඒ ගැන බලන්න පොලිසිය එහෙට ගියාම අයිතිකරයාගෙන් අවසරේ හම්බෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වැඩ ගේට්ටුව ගාව ඉන්න උනා. එත් කවුරුත්ම arrest කලේ නම් නෑ. ඕකේ මුරකාරයයි අයිතිකාරයයි හැර රෑට කවුරුවත්ම නෑලු. වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන් අනිවා හවස 4,5 වෙනකාට ගෙදර යනවා.


උන්ගෙන් ඇහුවම උනුත් හරි විස්තරයක් කියන්න කැමති නැ . එකෙක් දවසක් මාත්  එක්ක කිව්වා ඕ්කේ කාමර 5ක් 6ක් වගේලු දැනට use කරන්නේ.අනිත්ව වහල දාලලු තියෙන්නේ. දවල්ටත් එකේක බහුභූත සද්ද ඇහෙනව ලු වහල තියෙන කාමර වලින්. පට්ට වටිනා antique බඩු තොගයක් තියේලු සාලේ විතරක්.තව දෙයක්, ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ. අයිතිකාරයා ඔබේසේකර කියල කෙනෙක්. එයාගේ තාත්ත සහ මාමලා ඒ මිනිස්සුන්ට සැහෙන උදව් කරලා තියෙනවා ඒ කලේ.


එත් මේ මනුස්සය නම් එහෙම නැහැලු . සමහරුනම් කියනව කලින් දැනුම් දීල, එයාල දිනයක් දෙන්න කැමති උනොත් වලව්වේ කාමර 2 3කුයි සාලෙයි වගේ බොහොම සීමිථ ප්‍රමාණයක් බලන්න දෙනවා කියල. එත් මන් දන්නා කවුරුත්ම තම ඕකට ගිහින් නැ .




තවත් කෙනෙක්  කියලා තිබුනේ


භීෂණ කාලේ කෙල්ලෝ කොල්ලෝ ගෙනත් හිර කරන් ඉදලා,මරලා දාපු එක තැනක් තමා මේ වලව්ව.ලේ පාරවල් එහෙම බිත්ති වල තියෙනවාලු.කාමර 100ක් තියෙනවාලු වලව්වේ.හොල්මන් මෑතකදී දැකපු කෙනෙක් නම් නෑ.නමුත් දැකපු ගමේ පරන මිනිස්සු ඉන්නවා.


බේකර්ස් බෙන්ඩ්      හෝටන්තැන්න


Life With Manju Facebook page Click Here

Tuesday, May 16, 2023

බේකර්ස් බෙන්ඩ්


නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව  "බේකර්ස් බෙන්ඩ්"



 ඔන්න අද තවත් ලස්සනම තැනක් ගැනයි කියන්න යන්නෙ.හැබැයි ඔබේ ආරක්ශාව ගැන ඔබ සැලකිලිමත්විය යුතුය .

බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගයේ ගමන් කරන විට නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ්  දැක ගත හැකි වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම දර්ශනීය ස්ථානයේ සිට පැහැදිලි දිනයක සමනල ජලාශය ඇතුළු මනරම් දර්ශන රාශියක් දැක බලා ගත හැකිය.නමුත් වර්ෂා කාලයේදී මෙම ස්ථානය මීදුමින් වැසී පවතී. මම ස්ථානයේ උෂ්ණත්වය ද ඉතා අඩු අගයක පවතී.

නන්පේරියල් ප්‍රදේශය හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.මෙම ප්‍රදේශය වෙනස් වන දේශගුණයකින් යුක්ත වේ.තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ඉතාමත් අලංකාර වේ.එම අලංකාර බව මෙම මාර්ගයේ ඇති කුඩා දිය ඇලි වලින් තවත් වැඩි වේ.

බේකර්ස් බෙන්ඩ් සදහා මෙම නම ලැබී ඇති ආකාරය පිළිබඳ කට කතාවක් ඇත.එනම්  කුඩා එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය නගරයේ මැවුම්කරු වන  සැමුවෙල් බේකර් මෙම ස්ථානයේ දී ඔහුගේ අශ්ව කරත්තය අනතුරට ලක්ව මිය ගොස් ඇත.එම නිසා මෙම ස්ථානයට බේකර්ගේ බැම්ම( බේකර්ස් බෙන්ඩ් ) ලෙස හදුන්වනු ලැබේ.

Life With Manju Facebook page Click Here

 හෝර්ටන් තැන්න පිළිබඳ තොරතුරු බැලීමට පළමු පිටුවට යෑමට පහත බටනය ඔබන්න
                                                                      ⏪️

හෝටන්තැන්න

හෝටන්තැන්න horton plains



අද අපි  කතා කරන්න යන්නේ ලංකාවේ සුන්දරම තැනක් ගැන .මහඑලිය තැන්න එහෙම නැත්තන් හෝර්ටන් තැන්න (horton plains) . ලංකාවේ වෙන තැනකදී දකින්න නැති වෙනමම ලෝකයක් තමා එතන තියෙන්නේ. (මිට ආසන්න පරිසරයක් මාතලේ පිටවල පතන හරියේ තියනවා.එත් මේ තරම්ම සුන්දර නෑ ) හෝර්ටන් තැන්නේ තියන ප්‍රධානම ස්ථාන ටික බලන්නන පැය 5ක් විතර පයින් ඇවිදින්න තියනවා. හැබැයි මෙච්චර දුරක් ඇවිද්දේ මේ ටික බලන්නද කියලා කියන අයත් ඉන්නවා. ඒ එක එක්කෙනාගේ රසාස්වාදය තමා.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යාන භුමිය
1969.12.15 ස්වභාවික රක්ෂිතයක් ලෙසත්
1988.03.16 දින වනෝද්‍යානයක් ලෙසත්
2010.08.02 යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.

දිස්ත්‍රික්කය:- නුවරඑළිය / රත්නපුර/ බදුල්ල

එන අයට මුලින්ම විශේෂ දේවල්  ටිකක් කියන්න ඕන 
ටොපි කොලයක දෙයක් හරි ගිය තැන දාලා එන කෙනෙක්නම් ඔබ මෙහි නාවාට කමක් නෑ.කොහොමත් ඇතුලට යද්දී පොලිතින්, ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුලට ගෙනියන්න දෙන්නෙත් නෑ. චායාරුප හා මතක සටහන් වලට අමතරව කිසි දෙයක් මෙහෙන් ගෙදර ගේන්න  යන්නත් එපා.වතුර අවශ්‍යතරම් ගෙනියන්න. ප්ලාස්ටික් බෝතල් ගෙනියන්න දෙන්නේ නෑ. (තැන් කීපයක tap තියනවා)
ඇතුලට ගියාම phone වලට signal නෑ. ඒ නිසා නඩේ කෙනෙක් අතපසු උනොත් එන්න තැනක් කතා කරලා තියා ගන්න.
Google map පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවනම් අවශ්‍ය කොටස offline download කරලා තියා ගන්න.

ඔබ හෝර්ටන් තැන්නේ යන්න plan කරනවානම් උදේ 10 (උපරිමයෙන් 12) වත් වෙද්දී එතනට එන්න සැලසුම් කරගන්න. ඒ වගේම තරමක් පැහැදිලි කාලගුණයක් තියන දවසක් තෝරාගත්තොත් ලෝකාන්තයෙන් පහල ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා.

එන අතරමග ලොකු අන්තට්ටු තියන ගොනුන් බල ගන්න පුළුවන්.සමහර උන් ගොඩක් හිලෑ වෙලා ඉන්නේ මිනිස්සු දාන කෑම කන්න පුරුදු වෙලා ඉන්නේ.

ලොකු දුරක් ඇවිදින්න තියනවා. හර්දයාභාධ තියන කෙනෙක් එහෙම යනවනම් ටිකක් ප්‍රවේසමෙන්. මොකද අපි ගිය දවසේ කෙනෙක් ඇවිදින්න අමාරු වෙලා පපුව රිදෙනවා කියලා අමාරුවෙන් හිටියා. ඇතුලට වාහනයක් ගෙන්න ක්‍රමයක් නෑ. ගිය විදිහට පයින්ම එන්න වෙනවා.

ඒ වගේම සමහර කාල වලට මල් තුහින වැටිලා තියන කාලෙකුත් මෙහෙට තියනවා. එතකොටත් අමුතුම ලස්සනක් මෙහෙ තියනවා.

ඔයාලා හෝර්ටන් තැන්නට එනවනම් මේ තුනෙන් එකක් තෝරාගෙන බලන්න යන්න පුළුවන්
        ලෝකාන්තය/පුංචි ලෝකාන්තය/බේකර්ගේ ඇල්ල/ චිමිනි පොකුණ
       කිරිගල්පොත්ත කන්ද
       තොටුපොල කන්ද
අද ලියන්න යන්නේ පලවෙනි ටික ගැන විස්තරයක්. ඔයාලා හෝර්ටන් තැන්න පිවිසුමට අවට පස්සේ එතනින් කිරිගල්පොත්ත කන්දට යන්න වෙනමම පාරක් තියනවා. එකට යනවනම් 7Km පයින් යන්න වෙනවා.

ඒ පාරේ නොයා අනිත් පාරේන් ලෝකාන්තය ඇතුළු තැන ටික බලන්න යන්න පුළුවන්. එකේ ටික දුරක් ගියාම Y හන්දියක් හම්බවෙනවා. එතනින් සම්පුර්ණ වට රවුමක් තියෙන්නේ. එක පාරකින් පටන් ගත්තම සම්පුර්ණ රවුම ගිහින් අනිත් පාරෙන් එන්න පුළුවන්. 

අපිනම්  ගියේ වම අත පැත්තේ පාරෙන්. සමහරු එක පැත්තකින් ගිහින් ලෝකාන්තය විතරැක බලල ආපහු ඒ පාරේම එනවා. එහෙම කරන්නේ නැතුව සම්පුර්ණ වටයම යන්න.  සම්පුර්ණ වටය 7Km වෙනවා.

මේ පැත්තෙන්යද්දී මුලින්ම හම්බවෙන්නේ පුංචි ලෝකාන්තය. එතනින් අපුරු දර්ශනයක් බලා ගන්න පුළුවන්. හොද පැහැදිලි දවසට මුහුදත් පේනවා කියලා එතන සදහන් කරලා තියනවා.

ගොඩ දෙනෙක් චයාරුප ගන්න කැමති තැනක්නේ මෙතන. (මමත් එහෙමයි)  හැබැයි පරෙස්සම් වෙන්න ඕනේ වග අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.

එතනින් එහාට ගියාම තමා ලෝකාන්තය හම්බ වෙන්නේ. පල්ලෙහායින් රත්නපුර දිස්ත්‍රික්කය/හිරිකැටි ඔය/ Nonpareil Estate බලා ගන්න පුළුවන්.

එතනින් එහාට යදිදී හම්බ වෙනවා බේකර්ගේ ඇල්ල (baker's falls). මේක නම් කරලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතික සැමුවෙල් බේකර් ගේ නමින්.  ඔහු මෙහි අලින් ගොනුන් දඩයමේ යද්දී තමා ඔහුට මේ දිය ඇල්ල හමු වෙලා තියෙන්නේ. ඒ ගැන ඔහු 1853 ලියපු THE RIFLE AND THE HOUND IN CEYLON පොතේ සදහන් වෙනවා. මේක නිර්මාණය වෙන්නේ බෙලිහුල් ඔයෙන්.

හැබැයි දැන්නම් මෙහෙ අලි ඇත්තු ඇත්තෙම නෑ. හැබැයි ලංකාවේ ඉන්න ලස්සනම දිවියෝ ඉන්නේ මෙහෙ. සීතලට ඔරොත්තු දෙන්න හොදින් වැවුණු ලොම් පිරුණු පෘෂ්ටිමත් දිවියෝ ඉන්නවා. මෙහෙ camping site එකේ හිටියොත් පාන්දරට සමහ විට බල ගන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්,

එතනින් එහාට එදිදී හමු වෙනවා chimini pool හෙවත් චිමිනි විල. මෙතන අමුතුම ලස්සනක් තියන තැනක්.

හෝර්ටන් තැන්න පුරාවටම ලංකාවට අවේනික උන මහරත්මල් දැක ගන්න පුළුවන්. ඊට අමතරව බෝවිටියා හා තවත් බොහොමයක් අවේනික ශාක තියනවා. එත් ඔයාලා දකින්න ඇති ලස්සන කහ පාට මල් පිපුන ගස් වගයක් දැන් හැමතැනම පැතිරිලා.මේ ආක්‍රමණික ශාකය නිසා ලංකාවේ අවේනික ශාක බොහොමයකට තර්ජනක් වෙලා තියනවා.

කොහොම හරි සම්පුර්ණ ගමනට අපිට පැය 5කට කිට්ටුව ගත උනා. එලියට එන්න කිට්ටු වෙද්දී මුළු පළාතම තද මීදුමෙන් වැහිලා තිබ්බේ. පාරේ මීටර් කීපයකට එහා පෙන්නේ නැති තරම් තද මීදුමක් අව නිසා බොහොම හෙමින් තමා වාහනේ එන්න උනේ.
ඉතිං ඔන්න ඔහොම තමයි අපේ මේ ගමන ඉවර වුනේ.ඔබත් මේතැන් බලන්න යනව නම් මේ විස්තර ටික වැදගත් වේවි .

Life With Manju Facebook page Click Here

    Next page Click Here